Kadulu denna mata hadanna ( කඳුළු දෙන්න මට හඬන්න ) Lyrics - Sunil Edirisinghe

 


කඳුළු දෙන්න මට හඬන්න

සත් සමුදුරු ගොඩ ගලන්න

සුසුම් දෙන්න මට හෙලන්න

සක්වල ගල සසළ වන්න


කඳුළු දෙන්න මට හඬන්න

සත් සමුදුරු ගොඩ ගලන්න

සුසුම් දෙන්න මට හෙලන්න

සක්වල ගල සසළ වන්න


හිත උපන්න ආලවන්ත

ඒ රුව කෝ මට කියන්න

මගේ තනියට මා පමණයි

ඇය එවන්න මා බලන්න


කඳුළු දෙන්න මට හඬන්න

සත් සමුදුරු ගොඩ ගලන්න

සුසුම් දෙන්න මට හෙලන්න

සක්වල ගල සසළ වන්න


ලිහිණියනේ පියාඹන්න

ඇය ඇති තැන සොයා යන්න

මා මිය යන බව පවසා

ඇය එවන්න මා බලන්න


කඳුළු දෙන්න මට හඬන්න

සත් සමුදුරු ගොඩ ගලන්න

සුසුම් දෙන්න මට හෙලන්න

සක්වල ගල සසළ වන්න


කඳුළු දෙන්න මට හඬන්න

සත් සමුදුරු ගොඩ ගලන්න

සුසුම් දෙන්න මට හෙලන්න

සක්වල ගල සසළ වන්න


No comments:

Post a Comment

Popular Posts