කවිය | Kawiya by Vidula Ravishara

 



බොහෝ පෙම් කවි ලියූ පසුවද

සියුම් කැපුමක් මෙන් රැඳී

නොලී කවියක් තිබිය නොහැකිද

හදේ යම් රිදුමක් දිදී


තියුණු රුදු සෙත් ලෙසින් සැමරුම්

සෙමෙන් පාරන මුත් ඇණි

සිඳිනු හැකිවෙද කෙලෙස කිකලෙක

එවන් හද පාරන බැමි


ඉතින් එබැවින් නවතිමි

හදින් පිටමන් නොකරමි

ඉතින් එබැවින් නවතිමි

හදින් පිටමන් නොකරමි


නෙතින් ගිනිගත් හදින් තැවෙමින්

දරා ඉමිහිරි වේදනාවන්

පෙමින් සඟවා තබා ගන්නෙමි

නොලී ඒ ගීතිකාවන්


සදාකාලික තැවුල් පොදියක

රැඳී හද පෙලුවත් නිති

ලියා අවසන් කවක් කෙලවර

මැකී වියැකී යා නොදී


ඉතින් එබැවින් නවතිමි

හදින් පිටමන් නොකරමි

ඉතින් එබැවින් නවතිමි

හදින් පිටමන් නොකරමි


ඉතින් එබැවින් නවතිමි

හදින් පිටමන් නොකරමි

ඉතින් එබැවින් නවතිමි

හදින් පිටමන් නොකරමි




No comments:

Post a Comment

Popular Posts