දැඩි කළ මාතා පෙම්බර මාතා


 


දැඩි කළ මාතා පෙම්බර මාතා

වඳිමී පා යුග ඔබගේ ...

දස මස කුසයේ මා රැක සිටියේ දුක සැම සැපසේ ඉවසා....

දැඩි කළ මාතා පෙම්බර මාතා වඳිමි පා යුග ඔබගේ


ඔබෙ හදවත ලේ කිරට පෙරා

පොවලා මා කුසගිණි නිවලා

දරු සෙනෙහස මැද මා නිඳිනා

සිඹිමින ආදර පා //


මා හඬනා කල ලෙඩ සෑදී

රෑ දාවල් සිට සෝදුකිනි

ඇහැ පිය නොපියා රැක් මෑණී

සනසා නලවා මා//


දී අවවාදේ නිසි වයසේ

පානා බුදු ගුණ මෑණි මගේ

නිදුකිනි නිරෝගි වේවා සේවේ

සුරිඳුනි රැකදේවා//


දැඩි කළ මාතා...


ගායනය : රුක්මණී දේවී මහත්මිය

No comments:

Post a Comment