ශ්‍රී රාහුල හිමිගේ නාමේ


 


ශ්‍රී රාහුල හිමිගේ නාමේ 

සුදිලේ ලංකා ඉතිහාසේහී 

ශ්‍රී රාහුල හිමිගේ නාමේ 

විජයභ ස්වාමී ඒ තොටගමුවේ

සඟ රජ වී දැන තෙවලා දහමේ 

ෂඩ් භාෂාවේ පරමේශ්වර වී

සිංහලමය මහ කිවිඳා වූ

ශ්‍රී රාහුල හිමිගේ නාමේ 

පිවිතුරු සීලේ වේ සමිඳාගේ

දස අතෙහී අද පැතිරී පවතී 

හෙළ භාෂාවේ නව ජීවනයේ

ද්වාරය හැර තැබි කිවිඳා ඒ

ශ්‍රී රාහුල හිමිගේ නාමේ 

සුදිලේ ලංකා ඉතිහාසේහී 

ශ්‍රී රාහුල හිමිගේ නාමේ


ගායනය: ජේ. ඒ. මිල්ටන් පෙරේරා

මුල් ගායනය සහ සංගීත නිර්මාණය එච්. ඩබ්ලියු. රූපසිංහ මාස්ටර් විසිනි.

No comments:

Post a Comment