දුක වැඩි තරමට - Duka wadi tharamata

දුක වැඩි තරමට කඳුලු හෙලන්නට
නෙත තවමත් විවර වෙලා
කවදාවත් හිමි නොවනට
ඔබ මාගෙන් ඈත් වෙලා
හැඬවෙන නෙතඟට තරව‍ටු කෙරුවට
කඳුලැල් නෑ නතර වෙලා
හැමදාමත් රිදවන්නට ඔබ ගියේ ඇයි ඈත්වෙලා

වෙනසක් නැහැ මගේ සිහිනේ
තාමත් මල් පිබිදෙන්නේ
‍රැව‍ටුනු මේ හිත මාගේ
තනිවුනු බව නෑ දන්නේ
මුලු යහන පුරා විඳි සුවද පවා නැත
දුක විතරක් ඉතිරි වෙලා

කඳුලක් කඳුලක් ගානේ
ඔය රුවමයි සිහිවෙන්නේ
මට නොලැබුනු ඔබේ සෙනෙහේ
වෙනකුගේ බව නෑ දැනුනේ
ජීවිතය පුරා පැතු පැතුම් මකා ඔබ
දුක විතරක් උරුම කලා

දුක වැඩි තරමට කඳුලු හෙලන්නට......

ගායනය  :   නොයෙල් රාජ්

No comments:

Post a Comment

Popular Posts